• ඒරන්ගේ ලෝකය - Aronge Lokaya

ඒරන්ගේ ලෝකය - Aronge Lokaya

  • Price: Rs.517.50 Rs.575.00

Jim Shepard විසින් රචිත The Book of Aron කෘතියේ සිංහල පරිවර්තනය. 

අවු. 8 සිට 13 දක්වා දිවෙන ඒරන් නැමැති කොලු ගැටයාගේ දෘෂ්ටි කෝණයෙන් දෙවැනි ලෝක යුද්ධයේ අමානුෂික, හද කම්පා කරවන සිදුවීම් පාඨකයාට ඒත්තු යන අන්දමින් කියා පෑමට සමත්ව තිබීම "The Book of Aron" කතුවරයාගේ සුවිශේෂත්වයයි. විටෙක මෙහි එන සිද්ධීන් "ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත" සිහි ගන්වයි. 

නැති බැරිකම සමඟ පරපෝෂිත උවදුරු, ලෙඩරෝග කරපින්නාගත් මෙම ශාපලත් ජන කොට්ඨාශය මරණයේ සෙවනැල්ල යට දිවි ගෙවති. පාදඩ කොලු රෑනට වැටෙන ඒරන්, කුස ගින්දර නිවාගන්න හොරකමට පෙළඹෙයි. 

හසරක් නුදුටු මේ කොලු ගැටයා සිය පණ මෙන් ආදරය කළ අම්මා ද අහිමි වූ තැන මේ මිහිපිට තනිවෙයි. 

ඔහු යළි ජීවිතය ලබන්නේ අනාථ ළමා නිවාසයකදී ය. ඉතිහාසයේ ජීවමාන චරිතයක් වූ, ළමා අයිතීන් වෙනුවෙන් සටන් කළ පෝලන්ත ජාතික යානූෂ් කෝරචැක් මෙම ළමා නිවාසයේ බාරකරුවායි. 

ඒරන්, ජීවිතයේ මුල්වරට ආදරය, කරුණාව, මිනිස්කම හඳුනාගන්නේ මෙහිදී ය. 

එහෙත් ජීවිතයේ කොතෙක් දුරක් ඔවුන්ට තව යා හැකි ද? 

යුදෙව් සංහාර සාහිත්‍යයේ එක් අගනා නිර්මාණයක් ලෙස සැලකෙන "ද බුක් ඔෆ් ඒරන්" ඇමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ් ගේ විශිෂ්ටතම නවකතාව ලෙස පිළිගැනෙයි. 

Write a review

Please login or register to review