• දින පොතක අන්දරය - Dina Pothaka Andaraya

දින පොතක අන්දරය - Dina Pothaka Andaraya

  • Price: Rs.333.00 Rs.370.00

"මලයා  හොඳ  ජොබ්  එකක් තියෙනවා අපි  ළඟ... කැමතිද එන්න,  දවසටම හො‍ඳ  ගතමනාවක් හොයාගන්න පුළුවන්..." 

උඩු රැවුල වැවූ තරුණයෙක් මගේ කන ළඟට ඇවිත් කියද්දී මා උඩ විසි වුණි. 

"මොකක්ද ජොබ් එක අයියෙ?" 

"ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදියට..." 

මට ඒ වචනය තේරුණේ නැත. මෙච්චර ලොකු ජොබ් කරන්ට මට පුළුවන් කමක් නැත. 

"ඒක නම් බැරි වෙයි අයියා..." 

--------------------------------------------------------------------------------------------- 

"උඹ හිටපං... මං දන්න කියන ඉස්කෝලෙ මහත්තයෙක් ඉන්නවා, හෙට එයා නොවැරදීම පන්සලට එනවා. මං එයාව උඹට මුණගස්සන්නම්..." 

හිඟන මිනිසා එසේ කී විට මා ගැස්සුනේ ඉබේටමය, "දෙවියනේ මේ ඉන්නේ දෙවියෙකි." මට ඔහු තුළින් මගේ තාත්තා පෙනුණි. මම ඔහුට වැන්දෙමි. 

--------------------------------------------------------------------------------------------- 

"මෙන්න මේ සැකය හින්දම මම එයාගේ බෝඩිමට ගිය වෙලාවක එයාගෙ ඩයරිය හොරකම් කරගෙන ගියා. මම බෝඩිමට ගිහිල්ලා මුළු රෑ පුරාම ඒක කියෙව්වා, අනේ මිහිරි, මට වෙච්ච දේ..." 

"මම ගල් ගැහුණා..." 

"මට කෑ ගැහුණා..." 

Write a review

Please login or register to review