නිමල මල - Nimala Mala
- Price: Rs.440.00 Rs.550.00
- Author: Sena Thoradeniya - සේන තෝරදෙනිය
- Book Code: 6778694
- ISBN: 9789556778694
-
Publisher: Surasa - Fast Publishing
- Availability: Out Of Stock
"නිමල මල - මිය ගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව" වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද සොල්දාදුවෙකුගේ කතාවයි. දෙමළ විමුක්ති කොටි ව්‍යාපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධය හා සාම කාලයේ එන්. ජී. ඕ. ව්‍යාපාරවල හා ජාත්‍යන්තරයේ ක්‍රියාකාරකම් ගැන යළි විමසා බලන එය, වර්තමානයේ දී ජිනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධයෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් හෝ ලබාගත නොහැකි වූ දේ අද ජිනීවා යෝජනා හා ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ලබා ගැනීමට දරන උත්සාහය ද එමගින් අනාවරණය කෙරෙයි.
ඊ-මේල් සංවාද ප්‍රථම වරට සිංහල නවකතාවකින් ඉදිරිපත් කරන එය, ඊ-මේල් පණිවිඩ යොදාගන්නේ වර්තමාන දේශපාලනයේ පවත්නා සංකීර්ණතා සාකච්ඡා කිරීමේ ආඛ්‍යාන මාර්ගයක් වශයෙනි.
මිය ගිය සොල්දාදුවා අදත් ජීවත්වන බව නවකතාව පෙන්වා දෙන්නේ අන්තර් මහාද්වීපික ස්නේහයක මාර්ගයෙනි. වර්තමාන දේශපාලනයේ ඇති මහා අවිනිශ්චිතය ද කළු වලාකුළු පහව යා යුතු බව ද එය කියයි.