• යකඩ යක්කු - Yakada Yakku

යකඩ යක්කු - Yakada Yakku

  • Price: Rs.630.00 Rs.700.00

"එතකොට ඔයාට ඕන  සරදියෙල් කෙනෙක්,  රොබින්හුඩ් කෙනෙක් වෙන්ඩ. කෙහෙල්මල, ඔයා දන්නවද අපි වගේ දුප්පත්කමින් තෙතබරියන් වෙච්ච පවුල් කීයක් මේ කොළනියේ ඉන්නවද කියලා. අර බීඩි පියදාසගෙ කෙල්ල කල්‍යාණි කුඹුරු වැඩට ආපු අවුරුදු හතළිහක විතර මිනිහෙක් එක්ක පැනලා ගියා. ලොකු ළමයෙක් වෙලා මාස දෙකයි. ඒ මදන විසේද? නෑ, දුප්පත්කමට." 

"දැන් ගිහි බැඳීම් ඔබ වහන්සේට අකැපයි. ඔබ වහන්සේගෙ ධ්‍යානය බිඳෙයි. සන්සුන්වෙන්න. මව්පිය සහෝදර බැඳීම් බොහොම බලවත්. බොහොම භාවපූර්ණයි, ඒත් නිස්සාරයි. ඔබ වහන්සේ මහණ වෙන්ඩ අවසර ඉල්ලනකොට මගෙ හිත ඇතුළෙ ගිනි බෝම්බයක් පත්තු වෙලා වගෙ පපු කැවුත්ත සීසීකඩ සුන්නද්දූලි වුණා. මම ඒ දූවිලි කඳුළුවලින් උණුකරලා පෙරන් ගාලා ඒ හදවත ආයෙත් හදාගත්තා. දැන් තියෙන්නේ ඔබ වහන්සේ මේ ලෝකෙට බිහිකරන්න විළිලනකොට තිබුණ හදවත නෙමේ. දැන් මම ඒ ගැන ආඩම්බරයි හාමුදුරුවනේ."

Write a review

Please login or register to review