• දුර්ග මංපෙත - Durga Manpetha

දුර්ග මංපෙත - Durga Manpetha

  • Price: Rs.504.00 Rs.630.00

Judith Kerr විසින් රචිත  The Other Way Round  කෘතියේ සිංහල  පරිවර්තනය. 

යුදෙව් ජාතික ඇනා සහ ඇගේ පවුලේ උදවිය දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර නාසි ආක්‍රමණයෙන් මිදී ජර්මනියෙන් පලා යති. මලින්ම ස්විට්සර්ලන්තයටත්, ඉන් පසු ප්‍රංශයටත් සංක්‍රමණය වන ඔවුන් තම අවසාන නවාතැන ලෙස තෝරාගන්නේ එංගලන්තයයි. එහෙත් ලන්ඩනයට නාසි හමුදාවේ දරුණු ගුවන් ප්‍රහාර එල්ලවන අවදියේදී ඇනාලා දිවි ගලවා ගන්නේ අසීරුවෙනි. 

කොතරම් දුෂ්කරතා මැද වුවත් ඇනා සහ ඇගේ සොයුරු මැක්ස් තම ජීවන ඉලක්ක වෙත පියෙන් පිය ළඟා වෙති. එහෙත් නුහුරු භාෂාවක් කතා කරන ආගන්තුක රටක සරණාගත බවට පත්වන ඇගේ දෙමාපියන්ට එසේ අලුත් පරිසරයකට හැඩ ගැසීම අසීරුය. ආර්ථික දුෂ්කරතා සහ මානසික පීඩනය හේතුවෙන් දිගින් දිගටම ඔවුන්ගේ ජීවිත අසීරු වෙයි. තම ජීවන අත්දැකීම් ඇසුරෙන් ජූඩිත් කර් ලියූ තුන් ඈඳුතු නවකතා මාලාව අතිශය පාඨක ප්‍රසාදයට ලක්විය. එහි පළමු කොටස When Hitler Stole Pink Rabbit කෘතිය 'හිට්ලර් සොරාගත් රෝස හාවා' ලෙස මින් පෙර ප්‍රකාශයට පත්විය. 'දුර්ග මංපෙත' ලෙස මේ එළි දකින්නේ එහි දෙවැනි භාගය වන The Other Way Round හි සිංහල පරිවර්තනයයි.

Write a review

Please login or register to review