හාවුන්ට බැඳි වැට - Hawunta Bandi Weta
- Price: Rs.323.00 Rs.380.00
- Author: Padma Gunasekera - පද්මා ගුණසේකර
- Book Code: 6564471
- ISBN: 9789556564471
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Doris Pilkington/Nugi Garimara විසින් රචිත Follow the Rabbit-Proof Fence කෘතියේ සිංහල පරිවර්තනය.
මෙම පොතට පාදක වී ඇත්තේ එක් දහස් නමසිය තිස් ගණන්වල බටහිර ඕස්ට්‍රේලියාවේ විසූ 'ස්වදේශීය' ගැහැණු දරුවන් තිදෙනෙකුගේ සත්‍ය කතාවයි. 'ස්වදේශීය' යනුවෙන් හැඳින්වුවද එකී දැරියන් තිදෙනාම සුදු ජාතික පියවරුන්ට දාව ආදිවාසී මව්වරුන් බිහි කළ දැරියන් ය. මෙවැනි දරු දැරියන් ආදිවාසීන් අතර ද හෑල්ලුවට ලක් වන බව දුටු සුදු ජාතික පාලනාධිකාරිය එයට යෙදූ පිළියම වූයේ එකී දරු දැරියන් අල්ලා ගෙන ගොස් ඔවුන් සඳහා පිහිටවනු ලැබූ විශේෂ නිවාස සංකීර්ණවලට දමා ඔවුන්ට යම් කිසි ඉගෙනීමක් ලබා දීමයි. කතාවෙහි සඳහන් දැරියන් තිදෙනාද එසේ අල්ලා ගෙන ගොස් පර්ත් නගරයට උතුරින් වූ නේවාසිකාගාරයකට දමනු ලැබූහ. එහෙත් ඒ නේවාසිකාගාරය ඔවුනට වධකාගාරයකට අඩු තැනක් නොවූ බැවින් තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ මොලී තීරණය කළේ එයින් පැන යෑමටයි. ඔවුහු මඟක් තොටක් නැති මහා වනාන්තරය හරහා සති නමයක් තුළ පාවහන් රහිත දෙපයින් ගමන් කොට කිලෝමීටර් 1600ක් මග ගෙවා පෙරළා තම ආදිවාසීන් සොයා වයඹ දිග ඕස්ට්‍රේලියාවේ ජිගලොන්ග් කරා එති. මෙවුන්ගේ ගමන විස්මය ජනක වන්නේ පාරක් තොටක් නොමැති, එකල ඉතාමත් නොදියුණු බටහිර ඕස්ට්‍රේලියාවේ වනාන්තර මැදින් සිය ජීවිතය බේරාගෙන පැමිණීමට ඔවුන් සමත් වීමයි.
මොලී සහ බාල දැරියන් දෙදෙනාගේ සත්‍ය කතාව Follow the Rabbit - Proof Fence නමින් ලියා පළ කරන ලද්දේ මොලීගේ දියණිය වූ ඩොරිස් පිල්කින්ටන් (ආදිවාසී නාමය නුගී ගරිමාරා) විසිනි.
2002 දී Rabbit - Proof Fence යනුවෙන් චිත්‍රපටයට නැඟුණු කල මේ කෘතිය මහත් සේ ජනප්‍රිය විය.