නරක කොල්ලෙක් හැටියට නරකම නෑ - Naraka Kollek Hatiyata Narakama Ne
- Price: Rs.200.00 Rs.250.00
- Author: Chandrawansa Muwanwella - චන්ද්‍රවංශ මුවන්වැල්ල
- Book Code: 6972689
- ISBN: 9789556972689
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Michael Morpurgo විසින් රචිත Not Bad for a Bad Lad කෘතියේ සිංහල පරිවර්තනය.
ඔහු ළමයින් හය දෙනෙකුගෙන් යුත් තාත්තා නැති පවුලක හතරවැන්නා. සමාජ සම්මතයේ හැටියට ඔහු නරක කොල්ලෙක්.
පාසල් යන වයස හරියනකොටම ඔහුට අවබෝධ වුණා ඔහු පාසලට අකමැති බව. නැත්නම් එතැන හිටිය අය ඔහුට අකමැති බව. ඔහුට කියවන්නත් බැහැ. ලියන්නත් බැහැ. ඔය අංක ගණිතය වගේ දේවලුත් බැහැ. ඔහු කැමති එකම පාඩම සංගීතය. කරුණාවන්ත සංගීත ගුරුතුමිය කීවේ ඔහුගෙ සිරුරේ තාල ඇති බවයි. ඔහු රිද්මය හඳුනන බවයි.
මොළේ කළඳක් නැති, කිසිම කමකට නැති, කිසිම දෙයක් කරගන්න බැරි එකෙක්. ගුරුවරුන් ඔහුව හැඳින්නුවෙ එහෙම. ඔහුගෙන් වෙලා තියෙන්නෙ 'මේ ලෝකෙ තවත් ළමයෙකුට ඉන්න තියන අවකාශය නාස්තිවීම විතරයි' කියලයි මෝටිමර් මහත්තයා කීවෙ. මෝටිමර් කියන්නෙ පාසලේ මුල් ගුරුතුමා. එහෙම නම් එයා වැරදි වෙන්න බැහැ නේද?
ඔහු නරක කොල්ලෙක්. තවත් නරක කොල්ලන් සමග එකතු වී ඔහු ගෙවල් බිඳීමේ කූට උපායන් පවා ඉගෙන ගන්නවා. එක්තරා දවසක කළ කිසියම් වරදකට හසුවන ඔහු උසාවි නියෝගය මත පුනරුත්ථාපන කඳවුරකට යැවෙනවා. ඔහු වෙනුවෙන් කතා කරන්නට පැමිණි කරුණාවන්ත සංගීත ගුරුතුමිය උසාවියෙදි කළ ප්‍රකාශයක් ඔහුගේ මනසේ තදින් ඇඳෙනවා.
ඒ දරුණු කඳවුරේ ගැහැට විඳිමින් වුවත් සතුන්ගේ ආදරය සහ මිනිසුන්ගේ අගයකිරීම් හමුවේ තමන් ගැන හොඳක් දකින්නට ලැබීමෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා.