ෂින්ඩ්ලර් ගේ දරුවෝ - Shindler ge Daruwo
- Price: Rs.337.50 Rs.375.00
- Author: Sudari Basnayake - සුදාරි බස්නායක
- Book Code: 9789556972764
- ISBN: 9789556972764
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Leon Leyson විසින් රචිත The Boy on the Wooden Box කෘතියේ සිංහල පරිවර්තනය.
අපි වසර තිහක් යුද්ධයෙන් බැට කෑ ජාතියක්. උදේ ගෙදරින් යන මනුස්සයා හවස ආපහු ගෙදර එනකං දෙවියන්ට කන්නලව් කරමින් සිටිය යුගයක අවසානය දැක්කේ මේ මෑතකදී. රටේ අභ්‍යන්තර යුද්ධ වගේ ම රට රටවල් අතර ආදි කාලයේ පටන් ම යුද්ධ පැවතුනා. ඒවායින් බැටකෑවේ සාමාන්‍ය ජනතාව, ජීවිත අහිමි කරගත්තේ සාමාන්‍ය ජනතාව. යුද්ධයේ අරමුණුවලට කිසිසේත් ම සම්බන්ධයක් නැති බොහෝ දෙනාගේ ජීවිත අහිමි වීමට හෝ කාලකන්නි වීමට මේ යුද්ධ සේරම කි‍්‍රයා කළා. සිය ගණන්, දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන් ජීවිතවලට තිත තියන්නත් ඒ වාගේ ම මිලියන ගණනකගේ ජීවිත අකාරුණික ලෙස වෙනස් කරන්නටත් යුද්ධය හේතු වුණා. මේ යුද්ධ අතර පළවන හා දෙවන ලෝක යුද්ධ ප්රමුඛ ස්ථානයක් ගන්නවා. එයිනුත් දෙවන ලෝක යුද්ධයෙන් සිදු වූ මිනිස් ඝාතන හා ඒ හා බැඳුනු වදකාගාර, සිරගෙවල්, කඳවුරු, කර්මාන්ත ශාලා ආදිය විශේෂ ස්ථානයක් ගන්නවා. දෙවන ලෝක යුද්ධයේ මතකයන් සමග තවමත් ජීවත්වන මිනිසුන් අප්‍රමාණයි. ඔවුන්ගේ අත්දැකීම් තවත් අය සමග බෙදා හදා ගැනීමේ මගක් ලෙස බොහෝ දෙනා තම, තම සමීපතයන්ගේ, අසල්වැසියන්ගේ ජීවිත පොත්වලට නගා තිබෙනවා. මෙමගින් යුද්ධයේ නිස්සාරබව, කෲර බව මෙන් ම අවසන් වශයෙන් යුද්ධයෙන් දිනාගත් කිසිවක් නැති බව පහදා දෙනවා. යුද වකවානුවක එක් පාර්ශ්වයක් සතුරන් වෙද්දී ඔවුන් අතර ම මිතුරන් ද ඇති බව අප නම් අත්දැකීමෙන් ම දන්නවා. ජූලි කලබල තිබූ වකවානුවේ දී දමිල හිතවතුන් වෙනුවෙන් තම ජීවිත පවා අනතුරේ හෙලා ගත් සිංහල, මුස්ලිම් පවුල් මා දන්නවා. ඔවුන්ගේ එම පරිත්‍යාගශීලී හදවත් තවමත් තම ජීවිත ගලවාගත්තවුන් කෙරේ ආදරයෙන් පිරිලා තියෙනවා.
මෙය Boy on the Wooden Box නම් ඉංගී්රසි කෘතියේ සිංහල පරිවර්තනයක්. නාසීන් අතර ද හිට්ලර්ට විරුද්ධව සිතන පතන බොහෝ දෙනා සිටි බව මෙමගින් ප්‍රකට වෙනවා. ෂින්ඞ්ලර් විසින් යුදෙව්වන් 1100 ක් පමණ බේරාගනු ලබනවා. ඔහු යටතේ සිටින කාලය තුළ ඔවුන්ට කාරුණික වීමටත්, ඔවුන් නාසි භටයන්ගේ හිරිහැරවලින් බේරා ගැනීමට කූට උපායන් යොදන අයුරුත් ඉතාමත් ගරු කටයුතු වෙනවා. ඔහු විසින් බේරාගන්නා ලද පවුලක දරුවකු විසින් තම ජීවන පුවත මෙලෙස ලොවට හඬගා කියනවා. මෙවැනි සත්‍ය කතා කියවීමෙන් අනතුරුව තවමත් යුද්ධය අවැසි යයි සිතන්නා තරම් මෝඩයකු සිටිය නොහැකි බවයි මාගේ හැඟීම.