• වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත් - Wedek Unath Ledek Unoth

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත් - Wedek Unath Ledek Unoth

  • Price: Rs.425.00 Rs.500.00

මෙම කෘතිය විශේෂඥ  වෛද්‍ය ආරියසේන යූ.  ගමගේ  විසින් රචිත  අට  වැනි වෛද්‍ය විද්‍යාත්මක පොත යි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පොත අසාමාන්‍ය එකකි. ඒ මන්ද යත් ඔහු තමන්ට ම පිළිකා රෝගය ඇතැයි හඳුනා ගත් පසු අනුගමනය කළ වෛද්‍ය පිළිවෙත් මුල සිට අගට ම මෙම කෘතිය තුළින් සඳහන් කරන බැවිනි. එහි දී රෝගය හඳුනා ගත් ආකාරය, කළ වෛද්‍ය පරීක්ෂණ, වෛද්‍ය නිගමන පමණක් නොව, කළ ප්‍රතිකාර මොනවාද යන්න නොසඟවා සඳහන් කර ඇත. 

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකු මහත් සේ අසරණ වේ. එහෙත් මෙම කෘතිය කියවීමෙන් තම ජීවිතය වුව ද අවසානය තෙක් ඵලදායී අයුරින් ජීවත් වීමට අවශ්‍ය ධෛර්ය හා අවබෝධය ලැබේ. එමෙන් ම අනෙක් පුරවැසියන්ට ද මෙබඳු රෝග තත්වයක් ඇතිවූ විට අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ඉන් දැනගත හැකි ය. 

පිළිකා රෝගී වෛද්‍යවරයෙකු විසින් ම රචිත මෙවැනි කෘතියක් ලෝක සාහිත්‍ය තුළ ද ඉතා ම විරල ය. ශ්‍රී ලංකාවේ නම් පළමු වැනි කෘතිය යි. අනෙක මේ කෘතිය ඕනෑ ම වයස් කාණ්ඩයකට අයත් කෙනෙකුට තේරුම් යන ලෙස රචනා කොට තිබේ. මෙය සෑම වැඩිහිටියෙකු විසින් ම කියවිය යුතු කෘතියකි. 

Write a review

Please login or register to review