• යශෝධරා - Yashodhara

යශෝධරා - Yashodhara

  • Price: Rs.1,260.00 Rs.1,400.00

සිද්ධාර්ථ - යශෝධරා ප්‍රේම පුරාවෘත්තාන්තය චිත්තාකර්ශණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ අධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අත්භූත රීතියෙන් බැහැර ව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්යේෂණය ඇසුරින් බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.

Write a review

Please login or register to review