• නාසි අලුගෝසුවෝ - Nasi Alugosuwo

නාසි අලුගෝසුවෝ - Nasi Alugosuwo

  • Price: Rs.360.00 Rs.400.00

ජර්මනිය  නිසැකවම  පරාජය වන  බව යුද්ධය  අවසන්වීමටත්  පෙර  අවබෝධ කරගත් ඉහලම නාසි නිළධාරීන් කීප දෙනෙකු සියදිවි නසා ගත්හ. තවත් සමහරෙකු යුද්ධය අවසන් වීමත් සමඟම වෙස් මාරු කරගෙන රහසිගතව ජර්මනියෙන් පැන ගත්තේ, තමන් විසින් කරන ලද ම්ලේච්ඡ අපරාධ සඳහා ශිෂ්ට සම්පන්න ලෝකයෙන් ලැබෙන දඬුවම අවබෝධ කරගැනීම නිසා විය හැකියි. එසේ පැනගත් ඔවුන් වෙනත් රටකට සංක්‍රමණය වී යුදෙව් ජාතියකයන්ගෙන් කොල්ල කා ගත් ධනයෙන් සුඛෝපභෝගී ජීවිත ගත කළහ. එහෙත් පසු කලකදී එසේ සැඟවී සිටි අයික්මාන් වැනි අපරාධකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවීමට මිත්‍ර පාක්ෂික රටවල් සහ ඊශ්‍රායලය සමත් විය. එමෙන්ම ව්‍යාජ නම්වලින් ජර්මනියේ සැඟවී සිටි නාසි නිළධාරීන් රැසක්ද සිටියහ. ඔවුන් අතරින් සමූලඝාතන සහ යුද අපරාධවලට සම්බන්ධ විශාල පිරිසකට නඩු විභාගවලින් පසු දඬුවම් විඳීමට සිදුවිය. තවත් පිරිසකට අත් වූ ඉරණම කිසිවකුට වත් සොයාගැනීමට නොහැකි විය.

Write a review

Please login or register to review