• නරියාගේ හෝරාව - Nariyage Horawa

නරියාගේ හෝරාව - Nariyage Horawa

  • Price: Rs.675.00 Rs.750.00

Jack Higgins විසින් රචිත Night of the Fox කෘතියේ සිංහල පරිවර්තනය. 

දෙවන ලෝක මහා සංග‍්‍රාමයේ දී, මිත‍්‍ර පාක්‍ෂික හමුදා නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමට පෙර, එම වෙරළට සමාන භූ ලක්‍ෂණ ඇති ඩිවොන් දූපතේ අභ්‍යාසවල නිරත වූහ. ඒ සඳහා සහභාගී වූ නැව් කණ්ඩායම ජර්මන් ටෝපිඩෝ ප‍්‍රහාරයකට හසු වූ අතර නැවියන් හයසිය පනහක් මියගොස් එක් ඉහළ හමුදා නිලධාරියකු අතුරුදහන් වෙයි. ඔහු ඇමරිකානු ඉංජිනේරුවකු වූ කර්නල් හ්‍යජ්ච් කෙල්සෝය. දරුණු ලෙස තුවාල ලබා සිටි ඔහු නාසීන් අල්ලා ගත් ජර්සි දූපතේ වෙරළට ගසාගෙන යයි.

කෙල්සෝ, සිදුකිරීමට නියමිත නෝමැන්ඩි ආක‍්‍රමණයේ සියලූ රහස්‍ය තොරතුරු දැන සිටි නිලධාරියෙකි. ඔහු සතුරන්ට අසු වුණොත් සිදුවන ව්‍යසනය වටහා ගත් ලන්ඩනයේ හමුදා මූලස්ථානය හැකියාවක් ඇතොත් ඔහු බේරා ගැනීමට, නැතිනම් මරා දැමීමට දෙදෙනකු ජර්සි දූපතට යැවීමට තීරණය කරයි.

මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිසුන් ඝාතනය කිරීමෙහි දක්‍ෂතාවයක් ඇති දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය හැරී මාටිනී ඕ සහ අර්ධ-ප‍්‍රංශ සම්භවයක් ඇති සාරා ඩෙ‍්‍රටන් නැමැති රූමත් තරුණියකි. කෙල්සෝ රැකවරණය ලබා සිටියේ ඇගේ නැන්දාගේ නිවසේය.

නාසි හමුදා නිලධාරියකු සහ ඔහුගේ සහායිකාව ලෙස වෙස්වලා ගත් ඔවුන් දෙදෙනා ජර්සි දූපතට ගිය ත‍්‍රාසජනක ගමන සහ එහිදී ඔවුන් මුහුණ දෙන බිහිසුණු සිදුවීම් මෙම නවකතාවෙන් ඔබ වෙත ගෙන එයි.

Nimal Dissanayake - නිමල් දිසානායක

Write a review

Please login or register to review