වහල් බිරිඳ සහ තවත් අප්‍රකට රුසියානු කෙටිකථා
- Price: Rs.315.00 Rs.350.00
- Author: Nissanka Perera - නිස්සංක පෙරේරා
- Book Code: 3046130
- ISBN: 9789553046130
-
Publisher: Godage Publishers
- Availability: Out Of Stock
රුසියානු විප්ලවයට එක එල්ලේම පාර්ශවකරුවන් වූ හෝ ඊට ආශ්‍රිතව දායක වූ ලේඛකයින්ගේ ප්‍රකෘත අද්දැකීම් මූලාශ්‍ර කරගෙන නිර්මාණය වී ඇති බැවින් මෙහි ඇතුළත් කෙටිකතාවලින් සමාජ පරිවර්තනයක් අරමුණු කරගත් මහා පරිමාණ අරගලයක් උච්ච ස්ථානයෙහි පවතිද්දී ඒ සමාජයේ මනුෂ්‍යයින්ගේ ජීවිතවල අතිශයින් සංවේදනීය පැතිකඩ සානුකම්පිත සංවාදයකට යොමු කරනු ලබයි. හුදෙක් යුද්ධය හෝ විප්ලවය කෙරෙහිම නොව ඊට හසු වූ, ඒ සමග ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තත්කාලීන සමාජ ක්‍රමයෙහි ඵල ප්‍රයෝජන භුක්ති විඳිමින් දිවි ගෙවූ කණ්ඩායමත් ඒ වාතාවරණයෙන් සූරාකනු ලැබීමෙන් ජීවිත දු:ඛදායක වූ කණ්ඩායමත් අතර අන්තර් ඝට්ටනය ගැඹුරින් විවරණය වීම 1920 -1940 වකවානුවෙහි රුසියාවෙහිදී ලියැවී ඇති මේ කෙටිකතාවල දක්නා විශේෂත්වයයි. මේ කෙටිකතා මෙන් ම මේ සන්දර්භය පාදක කරගත් සාහිත්‍ය කෘති සිංහල පරිවර්තන සාහිත්‍යයෙහි පෘථුලව ව්‍යාප්ත වී නොමැත්තෙන් මේ කෙටිකතාවල අන්තර්ගතය පාඨකයාට නවමු අත්දැකීමක් වෙයි.
Wahal Birinda Saha Thawath Aprakata Rusianu Ketikatha, Nissanka Perera - නිස්සංක පෙරේරා