• අවසන් මරණය - Awasan Maranaya

අවසන් මරණය - Awasan Maranaya

  • Price: Rs.448.00 Rs.560.00

වැසි පොදයක් ඇද හැලෙන ඒ රාත්‍රියේ හිස පටන් වැහි කබායක් පොරවාගත්  ඡායාවක් පහන් කණුව යට දුරකතන කුටියට ඇතුළු විය. කාසි කීපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහාමෙහා කළේය. ඒත් සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිසල් මන්දිරයක ස්ථාවර දුරකතනය හැඬවිණ.

"හලෝ.." 

විකාශ් තරුපති දුරකතනයට උත්තර දුන්නේය. 

"ජයනාත් තරුපතිගෙ අවසන් කටයුතු ඉවරද?" 

ආගන්තුක කටහඬ ඇසුවේය. 

"ඔව් හවස භූමිදානය කළේ.." 

තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නට බැරිවුණ කෙනෙකැයි විකාශ් හිතුවේය. 

"ඒ කියන්නෙ වැලලුවා.." 

"ඔව් කව්ද මේ.." 

"වලලනකොට තාත්තා මැරිල හිටිය කියල හොඳටම විශ්වාසද?" 

"කව්ද අයිසෙ මේ..?" 

විකාශ්ට කෝපයක් දැනිණ. තාත්තා මියගියේ හෘදයාබාදයකිනි. රෝහලට ගෙනයනවිටත් තාත්තා මියගොස් තිබිණ. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු තුන්දෙනෙකුම ඒ බව සනාථ කළහ. 

"කලබල වෙන්න එපා විකාශ් මහත්තයො.. මං ආවෙ ආරංචියක් කියන්ඩ.. දන්නවද ජයනාත් තරුපති මැරිල හිටියෙ නෑ.. උඹල ඒ මිනිහව වැලලුවෙ පණපිටින්" 

මෙය වියහැකිද? විකාශ්ගේ දෙපය පණ නැතිවිය.


Write a review

Please login or register to review