• චන්ද්‍ර කන්‍යාව - Chandra Kanyawa

චන්ද්‍ර කන්‍යාව - Chandra Kanyawa

  • Price: Rs.432.00 Rs.480.00

Edgar Rice Burroughs  විසින් රචිත The Moon  Maid, The Moon Men & The Red Hawk කෘතියේ සිංහල  පරිවර්තනය. 

2050 වසරේදී චන්ද්‍රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යානා සමූහයකි. ආක්‍රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තීස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තීස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. 

එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද්‍රවාසී ආක්‍රමණික කල්කාර්වරු ඔර්තීස්ලාගේ නායකත්වය යටතේ මානවයන් පෙළති. ඔවුනට එරෙහිව හැම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. 

ආක්‍රමණයෙන් සියවස් හතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත්‍ර පනහක් එක්කරගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජූලියන් - ඔර්තිස් වෛරය නිමා කරමින් පෘථිවියට හා මානවයන්ට සාමය උදාකරදෙන්නට රතු උකුස්සාට හැකි වේවිද?


Edgar Rice Burroughs ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review