• කළු පාරාවෝ - Kalu Parawo

කළු පාරාවෝ - Kalu Parawo

  • Price: Rs.1,040.00 Rs.1,300.00

Christian Jacq විසින් රචිත The Black Pharaoh කෘතියේ සිංහල පරිවර්තනය. 

"පාරාවෝ ගේ දෛවය අපගේ දෛවයට වඩා වෙනස්. රටේ ජනතාවගේ සතුට හා සෞභාග්‍යය වෙනුවෙනුයි ඔවුන් ජීවත් වන්නේ. පුද්ගලික ජීවිතයක් ඔවුන්ට නැහැ." - කාපා.

"ඔවුන් සිතනවා කළු පාරාවෝ නාමයම ප්‍රමාණවත් කියා සතුරා බියගන්වන්ට." - ලැමසෙක්නි.

"මගේ දුනුවායන් ඕනෑම වේලාවක සටනට සූදානම්. උතුමාණනි, අණ දෙන්න. අප සටන් කරන්නම්." - පෝර්මා. 

"ජීවිතය දාම් ලෑල්ලක් වැනියි, සුදු හා කළු කොටු වලින් සෑදුනු, එක් වර්ණයක් අපට වාසි දායකයි. අනෙක නැහැ. ඊළඟට ළං වෙනවා මරණය. වැදගත් වන්නේ මරණය නොවෙයි. මරණය වැළඳගන්නා විට අපගේ මානසික තත්වයයි." - කළු පාරාවෝ. 

පියැන්කි, 25 වැනි රාජ වංශයේ පාරාවෝ කෙනෙකි. ඔහු වසර තිහක් රාජ්‍යය කළේය. (747 - 715 ක්‍රි.පූර්ව) ඔහු ඊජිප්තුව යළි එකමුතු කළ නියම දිනයක් සෙවීම අපහසුය. 

ඒ ක්‍රි.පූර්ව 730 - ඔහුගේ රාජ්‍ය සමයේ අවසානයට ළංව සිදුවූවක් විය හැකිය. කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති 1.80m උස, 1.84m පළල ශිලා ලේඛනයෙහි ඔහුගේ මේ පුදුමාකාර චාරිකාව ගැන තොරතුරු සඳහන් වෙයි. 

Write a review

Please login or register to review