• රිදී දිය රැළි බිඳී - Ridee Diya Rali Bindee

රිදී දිය රැළි බිඳී - Ridee Diya Rali Bindee

  • Price: Rs.160.00 Rs.200.00

සඳ එළිය බිඳි බිඳී වැව් තලේ රැළි නගයි 

විශ්‍රාම ශාලාව මිනිස් සුවඳින් පිරෙයි 

තැන තැන වැටී නිදන වන්දනා නඩයේ 

නිදි නොමැති මහලු පියවරුන් සාමීචියේ 


ටැප් වතුර වැඩක් නෑ වැවෙන් නාගමු අපි 

අපොයි ඔව් මාත් මේ කියන්න ම හිටියේ 

ලොවම නිදි රෑ යමේ සියලු රෙදි පිළි උනා 

වැවට පැන ජබොස් ගා දිය කෙළිමු යොවුනන් ව 


දෙහෙදු කර රිදී දිය බුං ගසා ජය ගොසින 

ගොඩට විත් සඳ දියෙන් දිලෙන නිරුවත් සිරුරු 

දැකගතිමු වසාගත් නෙක රහස් මකා දා 

ගංදියේ මංකඩේ එදා ගැටවුන් ලෙසේ 


හවස් කල හීං මෙදියෙන් ම නාවද්දි 

ඇඳුම් බාගෙට උනා ඉළූ හැටි සුදු සබන් 

බලා වටපිට අලුත් ඇඳුම් ඇන්දූ අයුරු 

සිහිපත් ව සිනාවක් නැගී සෙලුවට එබෙමි 


Write a review

Please login or register to review