• රෑ මැදියමේ පොපි මල - Rae Madiyame Popi Mala

රෑ මැදියමේ පොපි මල - Rae Madiyame Popi Mala

  • Price: Rs.480.00 Rs.600.00

Gerald  Sparrow  විසින් රචිත  Opium  Venture  කෘතියේ සිංහල පරිවර්තනය. 

මෙහි කතුවර විසිඅට හැවිරිදි ජෙරල්ඩ් ස්පැරෝ උතුරු සියමේ චිඇංමායි ජාත්‍යයන්තර අධිකරණයේ සේවයට ගිය විනිසුරුවරයෙකි. මේ කාලයේ සියම් දේශ සීමාවට එපිටින් පිහිටි ෂාන් ජනපදවල කළු රත්‍රං නැතහොත් ඔපියම් ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ විසිදෙහැවිරිදි සලේම් කුමරිය විසිනි. පෞද්ගලික හමුදාවක් සිටි ඇය සියල්ල පාලනය කළේ භීෂණයෙන් හා හිංසනයෙනි. 

මේ අතර ස්පැරෝට සලේම් කුමරියගෙන් ලැබෙන්නේ තම රාජ්‍යයට පැමිණෙන ලෙස වූ අනපේක්ෂිත ආරාධනයකි. එහි ගොස් මාලිගාවේ දින කීපයක් ගතකර මහා ඔපියම් වගා නැරඹීමෙන් පසු ඇය ඔහුට ඉදිරිපත් කරන්නේ යෝජනාවකි. ඒ, ගැහැණු ළමයකු වන තමන්ට තනිවම පවත්වාගෙන යාමට නොහැකි මේ මහා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා එක්වන බවට ගිවිසුමක් මගින් පොරොන්දු වන ලෙසය. ලැබීම් වශයෙන් ඇය පොරොන්දු වූයේ මාලිගාවේ සියලු වරප්‍රසාද, සැප සම්පත්, ඇය සමඟ විවාහය සහ එකල ආසියාවේ විශාලම වැටුප අභිබවා ගිය දීමනාවකි. ඔහුට ආදරය කරමින් සිටි ඈ මේ වන විටත් ඔහු සරාගි බැඳීම්වලට පොළඹවාගෙන සිටියා ය. 

මෙහි සටහන්ව ඇත්තේ කතුවරයා සලේම් කුමරිය බැහැදැකීමට ගිය අවදානම් ගමන පිළිබඳ සත්‍ය කතාන්දරයයි..

Write a review

Please login or register to review