• ටිප්ස් ගේ විස්මිත කතාව - Tips ge Wismitha Kathawa

ටිප්ස් ගේ විස්මිත කතාව - Tips ge Wismitha Kathawa

  • Price: Rs.315.00 Rs.350.00

Michael Morpurgo විසින් රචිත The Amazing Story of Adophus Tips කෘතියේ සිංහල පරිවර්තනය. 

එක්තරා දිනක සමාජ ජාලා හරහා ඩී ඩේ යුනවෙන් සැමරුමක් කෙරුණා. ඩී ඩේ යනු දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය මුහුදෙන් ආක්‍රමනය කිරීමේ මිත්‍ර හමුදා මෙහෙයුම. මෙහිදී අපි නොදත් ඉතිහාසයක් තිබෙනවා. යුද්ධයට කොහෙත්ම සම්බන්ධ නැති අයට පවා මේ කාලයේ විවිධ සිදුවීම්වලට මුහුණ දෙන්න වුණා. මුහුදු වෙරළ ඔස්සේ ප්‍රංශය ආක්‍රමනය කිරීමට පෙර බොහෝ භට පිරිස් යොදාගෙන එය පුහුණුවීම සිදුකෙරුණා.ඒ සඳහා යුද්ධය නොතිබුණ එංගලන්තයේ සමහර ප්‍රදේශ හමුදා භාරයට ගැනෙනවා. එම ප්‍රදේශවල සිටින ජනතාව තාවකාලිකව ඉවත්කර එය පුහුණු යුද බිමක් කර ගන්නවා. එහිදී ජීව උණ්ඩ යොදා ගනිමින් පුහුණුවීම් කරන අතර එම පුහුණුවේදී ආබාධිත වීම මෙන් ම මිය යාම ද සිදු වුණා. මෙම පුහුණුවීම් පැවති පෙදෙසක සිදුවූ සිදුවීමක් ඇසුරෙන් මෙම ළමා නවකතාව රචනා කර තිබෙනවා. එය ඉතාමත් ම සුන්දර මතකයන්ගෙන් පිරුණ කතාවක්. මෙහි කතාවක් තුළ තවත් කතාවක් ලෙස පරම්පරා දෙකක සිතිවිලි අප වෙත ගෙන එනවා. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා එක සේ රස විඳිය හැකි ලෙස මයිකල් මෝපර්ගෝ විසින් මෙය අධ්‍යනයන් කිරීමෙන් පසු ලියා තිබෙනවා. මයිකල් මෝපර්ගෝ ළමුන් වෙනුවෙන් බොහෝ නවකතා ලියා තිබෙනවා. ඒවා ඉතාමත් කෙටි වගේ ම ඉතාමත් ලස්සනයි. ඒ වාගේ ම ඒවා ලස්සන පින්තූර මගින් තවත් අර්ථවත් කර තිබෙනවා. 

Write a review

Please login or register to review