• මාරක ලුහුබැඳීම - Maraka Luhubandeema

මාරක ලුහුබැඳීම - Maraka Luhubandeema

  • Price: Rs.405.00 Rs.450.00

Jack Higgins විසින් රචිත  Hell is Too Crowded  කෘතියේ සිංහල පරිවර්තනය. 

බීමත්ව ගං ඉවුරේ බංකුවක හිඳ සිටි මැතිව් බ්‍රැඩීට මීදුම අතරින් පාවෙන මුහුණක් පෙනිණ . හදිසියේම නාඳුනන තරුණියක් ඔහුගේ ඉදිරියට ආවාය .ඇයගේ ආරාධනය පරිදි ඇගේ තට්ටු නිවසට ගිය ඔහුට ඇය සැර මත්පැන් වීදුරුවකින් සංග්‍රහ කලාය .මැතිව්ට මතක එපමණි. 

ඔහු අවදි වන විට, පොලිස් නිලධාරීන් අවට එක් වෙමින් සිටියහ .ඔහු අසලම බිම තරුණියකගේ මළ සිරුරක් තිබිණි .ඇත්ත වශයෙන්ම, ඔවුන් ඔහුගේ කතාව විශ්වාස නොකළහ .ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ ඔවුහු ඔහු ජීවිතාන්තය දක්වා සිරගෙට යැවුහ. 

දැඩි ආරක්ෂාවක් තිබුන හිර ගෙදරින් පැන යන ඔහු, මේ අරුම පුදුම අප්‍රසන්න සිදුවීම පිටුපස තිබෙන ඇත්ත සොයා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි. ඔහුට බොරු චෝදනා එල්ල කර උගුලක් අටවන්න ට වුවමනා වූයේ කාටද? ඔහු සිරකර මරා දැමීමට වුවමනා වූයේ කාටද? ඔහුට මතක තිබුනේ මීදුම අතරින් මතුවූ මුහුණ පමණි. 



Write a review

Please login or register to review