මුහුද යට දිවයින - Muhuda Yata Divaina
- Price: Rs.1,440.00 Rs.1,600.00
- Author: Niluka Kadurugamuwa - නිලූක කදුරුගමුව
- Book Code: 97895515591042
- ISBN: 97895515591042
-
Publisher: Vidarshana Publications
- Availability: In Stock
වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගේ කුසෙන්, නැව් ගමනේදී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයෙකුට දාව සැන් දොමෑං දිවයිනේදී උපන් තෙතේ හෙවත් සරිතේ බිළිඳු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නීය.
ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක්වතුයායෙහි පාලනය භාර ගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලූස් වල්මොරෑං, තම පරමාදර්ශී සහ ප්රගතිශීලී අදහස් පසෙක ලා යථාර්ථය අත් විඳින්නට පටන් ගනියි.
දහඅටවැනි ශතවර්ෂයේ අගභාගය වන විට සැන් දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන්නේ ආදරය, කරුණාව මෙන්ම වෛරය, රාගය හා තිරිසන්බව ආදිය එකට කැටිවූ මනස්කාන්ත කතාන්තරයක් පාඨකයා හමුවේ දිගහරිමිනි.
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය.
ජපන් පෙම්වතා - Japan Pemwatha
Rs.600.00
සිසිරයේ මැද - Sisiraye Mada
Rs.600.00
සයුරු තෙර සහන් බිම - Sayuru Thera Sahan Bima
Rs.1,440.00
කළු සිහිනය - Kalu Sihinaya
Rs.1,040.00