• පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන් - Police Niladhariyekuge Mathaka Satahan

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන් - Police Niladhariyekuge Mathaka Satahan

  • Price: Rs.585.00 Rs.650.00

          

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ලයනල්  මුණසිංහ මහතා  හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පළාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත් දැකීම් සම්භාරයක් සහිත නිළධාරියෙකි. 

අවුරුදු හයක් යාපනය දිස්ත්‍රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න සෙදෙස්වල ද කළ සේවයෙන් ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි. 

එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ මේ විවිධ ක්ෂේත්‍රවල ඔහුට මුහුණ පාන්නට සිදු වූ අපූරු අත්දැකීම්වල තොරතුරු ය. 

එදා පොලීසියේ ස්වභාවය ද, එහි ගැඹුර ද පිළිබඳ මේ තොරතුරු මගින්, සාමාන්‍ය පාඨකයෙකුට ලැබෙන රසවත් අත්දැකීම් හා දැනුම් සම්භාරය බොහෝ වනු ඇත. මේ බඳු පොත් සිංහලයෙන් ලියැවෙන්නේ කලාතුරකිනි. 

Write a review

Please login or register to review