• ද්වන්ද - Dwanda

ද්වන්ද - Dwanda

  • Price: Rs.440.00 Rs.550.00

Danielle Steel විසින් රචිත The Klone and I කෘතියේ සිංහල පරිවර්තනය. 

ස්ටෙෆනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ඡ ලෙස ඈ හැර යයි. ලෝකය කඩා වැටී ස්ටෙෆනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසැරීමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත් වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජීවිතයට එබිකම් කරන්නේ පැරීසියේදී ය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. විධායක අධ්‍යක්ෂවරයෙක් වූ සන්සුන්, වගකීම් සහගත පීටර් ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් විදේශගත වීමට නියමිතව තිබුණත් හදිසියේ ඇගේ නිවසේ දොර අසලට පිවිසෙන්නේ අමුතු මාදිලියේ ඇඳුමැතිව මහත්සේ වෙනස් ස්වරූපයකිනි. මුලදී මෙය විහිළුවක් සේ සිතන ස්ටෙෆනී පසුව දැනගන්නේ ඒ පීටර්ගේ ම ක්ලෝනය වන පෝල් බවයි. හීලෑ නොවූ සත්ත්වයෙකු වැනි ඔහු පීටර්ට සමාන වන්නේ දෙදෙනාගේ ඇති සර්වසම කාමුක බාහිර පෙනුමෙන් පමණි. 

තම ජීවිතයට හදිසියේ කඩා වැදුණු මේ පිරිමින් දෙදෙනා හමුවේ ස්ටෙෆනිගේ දෛවය ඈ කොයි දෙසක ගෙන යනු ඇති ද? 

Danielle Steel ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review