නිද්දානය - Niddanaya
- Price: Rs.612.00 Rs.680.00
- Author: Chandrika Mahagamarachchi - චන්ද්‍රිකා මහගම්ආරච්චි
- Book Code: 9789556565294
- ISBN: 9789556565294
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
"ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා..." විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලාන වලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලි වලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි.... තම හදවත මෙනි. මේ මෙහොතේ එය වුවමනා ප්‍රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී.
ආදරයේ වැරදිකරුවෝ ද නිවැරදිකරුවෝ ද ඔවුහු ම වූහ. විජිගීෂාව, ඊර්ෂ්‍යාව, ද්වේෂය ඔවුන් දැන සිදුකළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔවුහු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද කොතැනක ද? බුද්ධියෙන් නොනැවතී ප්‍රඥාව තුළට මිනිසාට යා නොහැකි ද? 'නිද්දානය' තුළ සැරිසරන්නන් හා එක්ව එය පිරිසිඳ දැකීමට හැකි දැයි බලන්නට කතුවරිය ඔබට ආරාධනා කරන්නීය.