පිච්චමල - Pichchamala
- Price: Rs.585.00 Rs.650.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863406
- ISBN: 9789556863406
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය. පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්ෂුවකට අනුචිත අදහස් මම වැළැඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත් ඒ අනුව පැවතීමටත් පහසුයි.