• සෝබන මාලිගා - Sobana Maliga

සෝබන මාලිගා - Sobana Maliga

  • Price: Rs.765.00 Rs.850.00

මිනිසුන් අතර සුවිශේෂී  මිනිසෙකු  වූ  අනගාරික  ධර්මපාලයන් ගේ  චරිතයෙන් බිඳක් අලළා කළ මේ නවකතාව පාඨකයා අතරට යුහුව පිය මැනීමෙන් පෙනෙන්නේ ඒ චරිතයේ විස්මිත බව වටහා ගත් පාඨක ප්‍රජාවක් මෙරට සිටින බව ය. ජීවත් වූ මිනිසුන් ගැන කෙරෙන නිර්මාණයන්, හුදෙක් මනඃකල්පිත චරිත පමණක් සමඟ කෙරෙන නිර්මාණයන්ට වඩා ආන්දෝලනාත්මක ය. ඊට හේතුව ඒ චරිත ගැන පූර්ව නිගමනයන්ට බැස ගත් බොහෝ කොටස් සිටින බැවිනි. එබැවින් පූර්ව නිගමනයන්ට සරිලන ලෙස නිර්මාණයක් නො වූ තැන සමහරුන් විසින් එය බැහැර කිරීම ලෝක ධර්මතාවයි. එ් නිසා ම එක විටෙක ප්‍රශංසාවට හා ගරු බුහුමනට ද, තවත් විටෙක නොයෙක් නොයෙක් මතවාදයන්ට හා දෝෂ දර්ශනයන්ට ද ලක් වෙමින්, උපන් භූමියෙන් ද පිට ව ගිය අනගාරික ධර්මපාලයන් ජීවමාන ව නැවත අප අතරට පිවිසීමට ගත් උත්සාහයක් ලෙස මෙම නවකතාව හැඳින්විය හැකිය.

Write a review

Please login or register to review