මියන්මාරයේ සත් දවසක් - Miyanmaraye Sath Dawasak
- Price: Rs.425.00 Rs.500.00
- Author: K.M.I. Swarnasinghe - කේ.එම්.අයි. ස්වර්ණසිංහ
- Book Code: 6564785
- ISBN: 9789556564785
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන්ගුන්හි අතිපූජනීය ශ්වේදගොන් පැගෝඩාව ප්‍රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප්‍රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් අතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරී පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයික්හ්ටියෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ශ්වේනන්දාව් දැව විහාරය ද සිත විශ්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ විල මත ඇති පාවෙන ගොවිබිම්, ගම්මාන, අවන්හල් සුන්දරත්වයෙන් අනූනය. එගොඩ මෙගොඩ නොපෙනෙන, ලෝකයේ විශාලතම ගංගාවක් වන ඉරවඩි ගංගාව නෙතට රසඳුනකි. නිරතුරු අව්‍යාජ සිනහවෙන් මුව සරසා ගත්, ඇති නැති බේදයක් නැතිව, චාම් සරොම් කමිස හා ලුංගි හැට්ටවලින් සැරසුණු අල්පේච්ඡ ජීවිත ගතකරන අවිහිංසක ජනතාවක් එහි වෙසෙති. ශ්‍රී ලංකාවට අමරපුර හා රාමඤ්ඤ නිකායන් තිළිණ කළ අමරපුරය හා රාමඤ්ඤය අදත් එහි ජීවමානය. මේ සියල්ලෙන් පරිපූර්ණ මියන්මාරය වන්දනාකරුවන්ට පූජනීය පුදබිමකි. සංචාරකයන්ට පාරාදීසයකි. 'මියන්මාරයේ සත් දවසක්' ඒ අපූරු දේශය හඳුනා ගැනීමට කැමති පාඨකයන්ට අගනා කවුළුවකි.