• මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma

මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma

  • Price: Rs.360.00 Rs.400.00

බ්‍රවුන් පවුලේ ළමයි මහා  ගොඩයි. කොයිතරම් ද  කියලා  ගණන්  කරන්නවත්  බැරි තරම්. මේ හැමෝම මහාම මහා එපා කරපු දඩබ්බර වැඩමයි කළේ. හොඳයි කියන්න ළමයෙක් ඒ පවුලේ හිටියේ ම නෑ. මේ තරම් ළමයි ගොඩක් අම්මටයි තාත්තටයි විතරක් බලා කියා ගන්න බැරි නිසා ම අයම්මලා, නැනීලාත් ඒ වගේ ම ගොඩක් වුවමනා වුණා. ඒත් ඉතිං ඔය එන කිසිම අයම්මෙකුට, නැනී කෙනෙකුට වැඩි කලක් ඔය ගෙදර ඉන්න ඉඩ ලැබුණේ නෑ. මොකද මේ ළමයි ඒ තරම් ම දඟකාරයෝනේ. අන්තිමේදී සිද්ධ වුණේ කිසිම සේවකයකු මේ ගෙදරට එන්න අකැමැති වීමයි. ඒ හැමෝම කිව්වේ මේ ගෙදරට නම් ගැළපෙන්නෙ ම මැටිල්ඩා ආයම්මා කියලයි. අන්තිමේ දී මැටිල්ඩා ආයම්මා මේ ගෙදරට ආවා. මේ දඩබ්බරයන්ව හරි මගට ගන්න මැටිල්ඩා ආයම්මටත් පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ...

Write a review

Please login or register to review