• රේගු වැටලීම් - Regu Wetaleem

රේගු වැටලීම් - Regu Wetaleem

  • Price: Rs.595.00 Rs.700.00

මෙම කෘතිය සම්පාදනය  කරන  ජී. ඒ. ලෙස්ලි  ගාමිණි, මෙයට පෙර විවිධ  විෂයයන් ඔස්සේ කෘතීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ප්‍රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් හිමිකරගෙන ඇත. 

හෙතෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත් ව, 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිව්රුම් දී ඇති අතර, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හා දිව්රුම් කොමසාරිස්වරයෙක් ලෙස ද කටයුතු කරයි. 

වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරීවරයෙක් ලෙස රේගුවට බැඳී, රේගු අධිකාරීවරයෙක්, සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක්, රේගු අධ්‍යක්ෂවරයෙක්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇත. එසේ ම අවුරුදු තුනක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ හෙතෙම පුවත් පත් ගණනාවකට විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයන අතර ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව පළ කරනු ලබන ප්‍රවර්තන සඟරාවේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.


Write a review

Please login or register to review