• චරිතය හා පෞරුෂය - Charithaya Ha Paurushaya

චරිතය හා පෞරුෂය - Charithaya Ha Paurushaya

  • Price: Rs.252.00 Rs.280.00

Samuel Smiles විසින්  රචිත Character Helps to  Personality Growth  කෘතියේ සිංහල අනුවර්තනය.


පුද්ගල චරිතය හා පෞරුෂය ගොඩනැංවීමේ දී පුද්ගලයෙකු සතු ශක්තිය හා ඵලදායීතාවය ඉමහත් වැදගත්කමක් උසුලයි. යහපත් චරිතයක් යනු යහපත් ගුණාංගයන්ගේ එකතුවකි. විශ්වසනීයත්වය, ගුණගරුක බව, කරුණාවන්ත භාවය ආදී ගුණාංග යහපත් චරිතයක මූලික ලක්ෂණයන් ය. එවැනි චරිත ලක්ෂණයන්ගේ සංවිධිත භාවයත්, සංවර්ධනයත් මත පුද්ගලයකුගේ යහපත් පෞරුෂය ගොඩනැගේ. 

සාර්ථක ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන කවරකු උවද තම පෞද්ගලික චරිතය හා පෞරුෂය ගොඩනගා ගැනීමට උත්සාහ දැරිය යුතුය. රටක ජාතියක පෞරුෂය තීරණය වන්නේ ජනතාවගේ පෞද්ගලික පෞරුෂයේ ප්‍රමාණාත්මක භාවය මතය. එබැවින් සියල්ලටම පළමුව අපගේ පෞද්ගලික චරිතයත්, පෞරුෂයත් ගොඩනගා ගැනීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා මනා පිටිවහලක් මේ කෘතියෙන් සැපයේ.

Write a review

Please login or register to review