• සේද නිම්නය - Seda Nimnaya

සේද නිම්නය - Seda Nimnaya

  • Price: Rs.240.00 Rs.300.00

යන්ත‍්‍රාගාර හිමිකරුවෙකු  වූ ටුලිවර් මහතාගේ  ටොම්  සහ  මැගී යන දරුවෝ ෆ්ලොස් නදී නිම්නයේ ළඳු හා තණබිම් අතර කෙළිදෙලෙහි දැවටෙමින් හැදී වැඩුනෝය. පවුලේ ගරුත්වය හා ඉරණම බේරා ගන්නට සිය නව යොවුන් වියේදීම සටන් වදින්නට සිදුවූ ටොම් කෙරෙහි මැගී දැඩි සෙනෙහසින් පසුවූවාය. ජීවිත අරමුණු සහ සිතුම් පැතුම්වල වෙනස විසින් නැගණිය සහ සොයුරා එකිනෙකාගෙන් වෙන් කරනු ලැබිණි. එහෙත් ජීවිතයේ සුළු සුළු යුතුකම් බොඳවී යද්දී සිදුවන්නට යන විනාශ අබිමුවේ කුමන සණ්ඩු සරුවල්ද? මොන කුරිරුකම්ද? මොන අවිශ්වාසයක් ද? තරහ මරහ, ගැටුම් හා සැකයන් සිතින් පිසදා හැර ළමා කාලයේ පටන් සිතේ ඇඳි නොමැකෙන සුමිහිරි මතකයන් පමණක් සිත් ගැඹුරේ රඳවාගත් මැගී, ටොම් හට පිළිසරණ වනු පිණිස ගියාය.

Write a review

Please login or register to review
තෙල්මා - Thelma

තෙල්මා - Thelma

Rs.1,620.00