වෙල්ලස්සේ ජනවහර - Wellasse Janawahara
- Price: Rs.833.00 Rs.980.00
- Author: Dambagalle K. B. Rathnayake - දඹගල්ලේ කේ. බී. රත්නායක
- Book Code: 6564617
- ISBN: 9789556564617
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
මුඛ පරම්පරාගතව පැවත එන සාම්ප්‍රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකතා සහ ජන භාෂාව යනාදිය ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක්‍රමය හා සම්බන්ධිත සම්ප්‍රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප්‍රවර්ධනය වූ නිර්මාණාත්මක ප්‍රකාශන ලෙස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක්‍රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණයත් සමග ශ්‍රී ලංකා සමාජයේ සිදුවූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේණික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන තුන් දහසකට අධික ප්‍රමාණයක් මේ කෘතියෙහි සංගෘහිත ය. අටදහස්රටේ අප්‍රකට පුණ්‍ය භූමි, ගම්මානේ අපූරු කතා, සෙනෙහෙ තිළිණය වැනි ග්රන්ථ කිහිපයක් රචනා කොට ඇති හෙතෙම මෙවර රචනා කළ ග්‍රන්ථය ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු වේ. ජනශ්රැතිය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ස්වකීය පර්යේෂණ මුවහත් කර ගැනීමට මෙයින් ලැබෙන පිටුබලය ඉමහත්ය.