• අපේ රාජ්‍යය - Ape Rajyaya

අපේ රාජ්‍යය - Ape Rajyaya

  • Price: Rs.180.00 Rs.200.00

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ්‍යයක් තිබේ. ඒ, අපේ රාජ්‍යයයි. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. 

මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතුනොවන හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේ ය. ඒ, 'අපේ රාජ්‍යය' කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට 'අපේ රාජ්‍යයට' අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වනපෙතට ඇදීයන්නේ නිරායාසයෙනි. 'දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන්' ඔබ කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරිසැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් - නිවහල් මිනිසකු ලෙස ගතකිරීමට ද මහත්සේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට පාඨක සිතට කවන්නේ රෝගී සිත් නිරෝගී කරන අටියෙනි. 

Write a review

Please login or register to review