කවිකම් මනරම් - Kavikam Manaram
- Price: Rs.464.00 Rs.580.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: 9789556523102
- ISBN: 9789556523102
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
කවිකම් මනරම් වූ මේ ග්‍රන්ථය කවි රස විඳීම ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් වශයෙන් රචනා කර ඇත. කවියක් රස විඳීමට කිසියම් පුහුණුවක් අවශ්‍ය වේ. කවියා වචන වලින් පුද්ගලානුභූතියක් කාව්‍යානුභූතියක් බවට පත් කිරීමට අවශ්‍ය වර්ණ හා හැඩතල මවන්නෙකි. එනිසා පාඨකයා කවි කියවිය යුත්තේ විවේක බුද්ධියෙනි. කවියා සමඟ භාවමය සම්බන්ධතාවක් සඳහා පාඨකයාට කිසියම් සංවේදීතාවක් තිබිය යුතුය. ඉවසීමෙන් හා සංයමයෙන් කවි පරිශීලනය නොකර කවියා උපයුක්ත බසත් ව්යංගාර්ථත් අවබෝධ කර ගැනීමට නුපුළුවන. පාඨකයා ඊට අසමත් වුව හොත් කවියක අරුත මෙයින්ම රසයද නොවැටහෙයි. වින්දනයක් නියමාකරයෙන් නොලැබෙයි. ඒ නිසා කවි රස විඳීම සියුම් කටයුත්තකි. එමෙන්ම එය ආස්වාදජනක කටයුත්තකි. කවිය පාඨක සමාජයෙන් ඈත් වී තිබෙන්නේ මේ සියුම් කටයුත්තට අවශ්‍ය පුහුණුවක්, යම් ශික්ෂණයක් පාසලෙන් නොලැබෙන බැවිනි.