• ද්විත්ව අවමගුල - Dwithwa Awamagula

ද්විත්ව අවමගුල - Dwithwa Awamagula

  • Price: Rs.450.00 Rs.500.00

James Hadley Chase විසින් රචිත We'll Share a Double Funeral කෘතියේ සිංහල පරිවර්තනය. 

පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි.

පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි…

ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත‍්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත. 

N. P. Wijerathna - එන්.පී. විජේරත්න

Write a review

Please login or register to review