• උඩු සුළඟ - Udu Sulanga

උඩු සුළඟ - Udu Sulanga

  • Price: Rs.405.00 Rs.450.00

සෑම මිනිසෙකුගේම  ජීවිතයේ අඳුරු අහුමුළු ඇත්තේය. හදිසියේ හෝ කිසිවෙකුගේ විමසුම් එළියක් එවැනි අඳුරු මුල්ලකට වැටී ලෝකයාට නිරාවරණය වනවාට කිසිවෙකු කැමැති නැත. සමාජයේ නින්දාවට, අපහාසයට ඇතැම් විටෙක තාඩන පීඩනයන්ට ද ලක්විය හැකි බැවිනි. 

කසුන් බණ්ඩාර ලෙස පරිණාමය වන කපුරු බණ්ඩා ද ජීවිතයේ බොහෝ රහස් සඟවා ගත් චරිතයකි. එහෙත් කතුවරිය ඔහුගේ ජීවිතය අප හමුවේ විවර කරන්නේ ඔහු ගැන කිසිඳු නින්දා සහගත හැඟීමක් ඇතිවීමට ඉඩ නොතබමිනි. 

කපුරු බණ්ඩා පහත් ගති ඇති මිනිසෙකු යැයි නොසිතා ඔහු ගැන සහානුභූතික හැඟීමක් අප සිත් තුළ ජනිත වන්නේ ජීවිතය විසින් ඔහුට එල්ල කරන අභියෝග හා දුෂ්කරතා ද මැනවිත් නිරූපණය වන හෙයිනි. 

ඒ ඔස්සේ කපුරු බණ්ඩා පිළිබඳ අප සිත් තුළ ජනිත කරවන සහානුභූතික හැඟීම සමාජයේ සියලු දෙනා ලෙස එවැනි ඇසකින් බලන්නට අප පොළඹවයි. සමාජයේ සියලු දෙනාට ඔවුන්ගේ ජීවිත එවැනි සිතුවිල්ලකින් කියැවීමට අපට හැකිනම්, අපට වැඩි වැඩියෙන් එකිනෙකා තේරුම් ගැනීමට හැකිවනු ඇත. 

"උඩු සුළඟ" ඒ සඳහා වන හොඳ අභ්‍යාසයකි. 

Write a review

Please login or register to review