අර්ධ නාරි - Ardha Nari
- Price: Rs.360.00 Rs.450.00
- Author: Kushan De Silva - කුෂාන් ද සිල්වා
- Book Code: 6973068
- ISBN: 9789556973068
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Perumal Murugan විසින් රචිත One Part Woman කෘතියේ සිංහල පරිවර්තනය.
මෑත භාගයේ ඉන්දියාව ගිනියම් කළ නවකතාවය. මහාචාර්ය පෙරුමාල් මුරුගන්ගේ One Part Woman හි මුල් කෘතිය ඉන්දියාවේ පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවි වෙද්දී ඉංග්‍රීසි කෘතිය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙමින් Cult තත්ත්වයකට ළඟා විය. කුල භේදය, පුරුෂෝත්තම වාදය කර පින්නා ගත් ගතානුගතික සමාජයීය හර පද්ධතීින් මානව සබඳතා සහ ලිංගිකත්වය අරබයා ඇති කරන බලපෑම පිළිබඳ මෙතරම් තීක්ෂණ සහ හෘදයාංගම අයුරින් සාකච්ජාවට බඳුන් කළ කෘතියක් අද්‍යතන සාහිත්‍යයෙහි තවත් නොමැති තරම් වීම ඊට හේතු වන්නට ඇත. බි්‍රතාන්‍ය යටත් විජිත යුගයෙහි ඉන්දියාව පසුබිම් කරගත් නමුදු මෙහි මුළුමනින් නින්නාද දෙන්නේ වර්තමාන සමාජය ය.
කාලි සහ පොන්නාගේ වෛවාහික බන්ධනය තුළ ආදරයේ, අනුරාගයේ අඩුවක් නැත. එහෙත් සමාජයීය පිළිග ැනීම නිර්ණය කෙරෙන තීරක බලවේගයක් හමුවේ ඔවුන්ට සටන් වැදීමට සිදු වෙයි. සරු ජනිතයකු බිහි කිරීමට අපොහොසත් වීම සාම්ප්‍රදායික සමාජයකදී විවාහය කෙරෙහි ඇති කරන බලපෑම් සුළුපටු නැති බව දැක්ක හැකිය. ඉතිං ඔවුන් දරුඵල ඉල්ලා නොයන දේවාලයක් නැත. නොබොන අරිෂ්ටයක් නැත. වරෙක ඔවුහු සිය මුතුන්මිත්තන්ගේ ඇතැම් අවකල් ක්‍රියා නිසා මෙවැන්නක් සිදුවී යැයි සිතා දෙවියන්ට යාග හෝම, පුද පඬුරු දෙති. නිසරු කතුන් සුව කළ හැකි ආකස්මික බලයක් ඇති ගිරිමුදුනකට නැග ජීවිතය පරදුවට තබා ඒ වටා යාමට පවා ගැහැනිය පෙළඹෙන්නීය. පිරිමියාට සිය මිතුරන්ගෙන් එල්ල වෙන අපහාස උපහාස ද අසීමිතය.
අවසානයේ වඩා ආන්තික සැලසුමක් අවැසි වෙයි. අර්ධ ස්ත්‍රී අර්ධ නාරී දෙවියන් උදෙසා පැවැත්වෙන වාර්ෂික රථ උත්සවයේ අවසන් දින, සැණකෙළිය උත්කර්ෂයට ළඟා වද්දී, සමාජ සම්මත සහ වෛවාහික නීති එක් රැයක ලිහිල් වෙද්දී, ඔවුහු එතැන සිය විසඳුම දකිති. එයම ඔවුන්ගේ කැදැල්ල සුණු විසුණු කර දැමීය හැකි පාරා වළල්ලක් වනු ඇත්ද? වරෙක හාස්‍ය රසයෙන් අනූනව එමෙන්ම තවත් වරෙක අනුවේදනීය අන්දමින් කතුවරයා මේ කතාව දිග හරින්නේ තවත් රසවත් අතුරුකතා, උප වියමන් රැසක් ද අන්තර්ගත කරමිනි. පරිසර වර්ණනා විවරණයේදී පරිසර වේදියකු මෙන් විචක්ෂණශීලී වන කතුවරයා, කෘෂිකාර්මික දිවි පෙවෙත පිළිබඳ ලියන්නේ සැබෑ ගොවියකු මෙන් ඒ පිළිබඳ දැනුමෙන් යුතුවය. එමෙන්ම කෘතිය පුරා සමාජයීය විෂමතා උද්දීපනය කරන්නේ සමාජ විද්‍යාඥයකු මෙනි.
අද පවා සමාජය පෙළන ඇතැම් ගතානුගතික අදහස්, මිසදිටු පැවතුම් කෙරෙහි එල්ල කළ පහර නිසාම ඉන්දියානු සුචරිතවාදීන් මේ නිර්මාණයට එරෙහිව අවි අමෝරා ගත්හ. එහෙත් කතුවරයාගේ පාර්ශවයේ සිටගත් මදුරාසි මහා අධිකරණයේ විනිසුරු ලේඛන කලාව අත හැර දමා සිටි පෙරුමාල් මුරුගන්ට යළි එය ඇරඹීමට පෙළඹවීමක් ඇති කරවන තරම් වූ ප්‍රකාශයක් කර සිටියේය. “මොහුට හොඳින්ම කළ හැකි දේ ලේඛන කලාවය. එය නැවත ඇරඹීමට ඔහුට ඉඩ දෙන්න.”
මේ වන විට නවකතා දහයක් ලියා ඇති පෙරුමාල් මුරුගන්ගේ අග්‍ර කෘතිය ලෙස අවිවාදයෙන් පිළි ගැනෙන One Part Woman හි මෙම පරිවර්තනය ලාංකේය පරිවර්තන සාහිත්‍ය තුළ සාකච්ජාවට ලක් විය යතු මං සලකුණකි.