• ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ - Tarzan Saha Atharaman Wu Yathrikayo

ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ - Tarzan Saha Atharaman Wu Yathrikayo

  • Price: Rs.360.00 Rs.400.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan and  Castaways කෘතියේ  සිංහල පරිවර්තනය. 

දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප්‍රිකාවේ සිට අමෙරිකාව බලා යාත්‍රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප්‍රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත්‍රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. 

උක්ස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත්‍රිකයන් ගේ අවසන් රජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන් ගේ සිරිත් අනු ව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක්‍රෑර පූජකයන්ට හසු වන ටාර්සන් ද, මිථ්‍යාමය දෙවියන් උදෙසා පූජා කැරෙන බල්ලක් බවට පත් වෙයි. 

එහෙත් ප්‍රබල ටාර්සන් ඒ මිථ්‍යා දෘෂ්ටික පූජකයන් පරදවා තමාට හිමි වීමට නියමිත වූ භයංකාර ඉරණමින් ගැළවෙන්නේ, අනෙකුත් ස්වදේශිකයන් ද මිථ්‍යා දෙවිවරුන්ට බිලි වීමේ ක්‍රෑර ඉරණමින් ගළවා ගනී. 

අනෙකුත් ටාර්සන් නවකතාවලට වඩා තරමක් වෙනස් වූ ශෛලියකින් ලයැවී ඇති මේ වන කතාන්දරය, එඩ්ගර් රයිස් බරෝස් අතින් ලියැවුණු අවසන් ටාර්සන් නවකතාව ද වෙයි. 

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.495.00