• ඇය තවමත් නිරුවතින් - Aya Thawamath Niruwathin

ඇය තවමත් නිරුවතින් - Aya Thawamath Niruwathin

  • Price: Rs.337.50 Rs.375.00

එක්  පුද්ගලයෙකුගේ  ජීවිතයක හටගන්නා එක්  සිදුවීමක් යනු ඔහුගේ  සමස්ත ජීවිතය තුළම හටගත් අනන්ත සංඛ්‍යාවක් වූ සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. සාමාන්‍ය නීරෝගී දරුවකු ලෙස උපත ලබා, පිටිසර ගමක හැදී වැඩුණු තරුණයකු අවසානයෙහි සිංහල වාසගමක් සහ විදේශීය ඌරුවක් ඇති ආරෝපිත නමකින් සංකේතනය වෙමින්, නගරයෙහි ස්ථාපිත වී ස්ත්‍රී දූෂකයකු බවට පත්වීම දක්වා වූ සිදුවීම් දාමය වනාහි, එක් පුද්ගලයකුගේ හුදෙකලා ක්‍රියාවලියක් නොවේ. එය අතිවිශාල සමාජ පරිණාමීය ක්‍රියාවලියක එක් බිහිසුණු ප්‍රතිඵලයකි. මහනුවර තුම්පනේ උඩ පළාතෙහි උපන් රත්නායක බණ්ඩා ස්ත්‍රී දූෂක ලෙනින් රත්නායක බවට පරිවර්තනය වී, මේ දක්වා ආරක්ෂා වී පැවතීම මෙන්ම, එකී ප්‍රතිරූපාත්මක ප්‍රචණ්ඩත්වයට කමලාවතීලා සහ ජයන්තා මැණිකෙලා වැනි පීඩිත ගැමි ගැහැනුන් ඛේදනීය ලෙස ගොදුරුවීම යනුද හුදකලා සංසිද්ධීන් නොවේ. ඒවාද අසංවිධිත සමාජීය ක්‍රියාවලියක අවාසනාවන්ත ඵලයන් වේ. මෙම සිදුවීම් දාමය තුළින් යළි සමාජීය කතිකාවතක් ගොඩනැගීමේදී පුළුල්ව විමසා බැලිය යුතු ප්‍රබලතම කාරණාව වන්නේ, ලාංකේය සමාජය තුළ සම්ප්‍රදායකත්වය හා නූතනත්වය යන දෙකෙහිම සාරයන් අවසානයෙහි අවලංගු වන්නේ කුමක් නිසාද යන්නයි.

Write a review

Please login or register to review