• අඳ වාදකයා - Anda Wadakaya

අඳ වාදකයා - Anda Wadakaya

  • Price: Rs.200.00 Rs.250.00

Vladimir Korolenko විසින්  රචිත The Blind Musician කෘතියේ සිංහල  අනුවාදනය. 

ව්ලදීමීර් ගලක්තියෝනොවිව් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේදී සහ විසිවැනි සියවස මුලදී පැවති සාහිත්‍යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තෝල්ස්තෝයි සහ වේකොව්ගේ සමකාලීනයෙක් වූයේය. වැඩ කරන පන්තියේ මහා ගත්කරුවා වූ මක්සිම් ගෝර්කිගේ පළමු වැනි ගුරුවරයා වූයේද ඔහුය. කුසලතාවන් හෙබි ගත්කරුවකු වූ කරලෙන්කෝ සිය සාහිත්‍ය නිර්මාණයේ මුල් කාලයේ සිටම සමකාලීනයන් තමා වෙත ඇද ගැනීමෙහි සමත් විය. ඔහුගේ සාහිත්‍ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින්ම රුසියානු සාහිත්‍යයේ වටිනා දායාදයක් බවට පත් වූයේ, එතෙර රටවල ද ප්‍රසිද්ධියක් ලබමිනි. 

කරලෙන්කෝගේ සාහිත්‍ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප්‍රසිද්ධ නවකතාවක් වූ 'අඳ වාදකයා' ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් අවශ්‍ය විය. 1885 දී ඔහු එම කතාව ලිවීමට පටන් ගත් අතර එය 1886 'රුස්කියෙ වේදමස්ති' නමැති රුසියානු පුවත්පතේ පළ කළේය. කතුවරයාගේ ජීවන කාලය තුළදී එය පහළොස් වාරයකටත් වඩා පළ විය. ඒ හැම වාරයකදීම ඔහු එක් හෝ තවත් විදියකින් එය සංස්කරණය කළේය. 

Write a review

Please login or register to review