උක් දඬු ගින්න - Uk Dandu Ginna
- Price: Rs.540.00 Rs.600.00
- Author: Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- Book Code: 9789556971668
- ISBN: 9789556971668
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
නාගිනා, කෝටිපති උක් පැණි සිටුවර රායි සහෙබ් හුකුම් සිං ගේ සුරූපී දියණිය හෙවත් නොතිත් කාමිනිය තම පියාගේ උක්දඬු කර්මාන්ත සංකීර්ණය උරුම කොට ගැනීමේ බඩජාරී අපේක්ෂාවෙන් නොනැවතී, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ සුරා නිෂ්පාදනයේ ඒකාධිකාරය අතට ගෙන ‘ක්ලියෝ පැට්රාවක්’ වන්නට ද වෙර දරන්නී මිනිස් ගුණදහම් තුට්ටුවකට නොසලකමිනි. තම සුරූපී වතකමලේ හැම අඟලක් ම ඒ වෙනුවෙන් කැප කරමිනි. ඇන්මෝල්, එහි ම කම්හල් කලමනාකරුගේ පුතු, තම පෙම්වත් බිරිය හා දරුවන් දෙදෙන දෙවෙනි කොට සලකමින් නාගිනා නම් නුරාවිත තුළ ම ඇඹලයෙකු ලෙසින් ඔවුන්ගේ දුක්ගන්නාරාළ බවට පත්වන්නේ අවසන පළගැටියෙකු සේ ගින්නට ගොදුරු වෙමිනි.
ඔවුන්ගේ මේ හෙයියම්මාරුව තුළ, සෝමු නම් වෘත්තීය සමිති නායකයාත්, ඉම්ටියාස් ඛාන් නම් දේශපාලකයාත්, විද්‍යා නම් සමාජ ක්රියාකාරිනියත්, රාස් බිහාරි නම් කුලී මිනීමරුවාත්, සීතාරාම් ජැට් නම් ජටිල තැරැව්කරුවාත්, හර්ෂවර්ධන් ගුප්තා නම් ‘වැඩබැරි’ ඉංජිනේරුවාත්, ෂාකිල් නම් සුරා නිෂ්පාදකයාත් තම තමනට හිමි භූමිකා මැනැවින් ඉටු කරන්නේ, ඉන්දියාවේ උක් යාය (Sugar Belt) යයි නම් ගැන් වූ උත්තර් ප්‍රදේශ්හි උක් ධන කුවේරයින් විසින්, එහි වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දිළිඳු උක් ගොවියා උක් රොඩ්ඩක් තරමට නොසලකා විසිකරන බවට දිවුරා සාක්ෂි සපයමිනි.
ඉසිවර වෙද මැදුර - Isiwara Weda Medura
Rs.600.00
කටු යහන - Katu Yahana
Rs.405.00
නිදහසේ නගරය - Nidahase Nagaraya
Rs.360.00
වධක භූමි - Wadhaka Bhumi
Rs.360.00