ඉසිවර වෙද මැදුර - Isiwara Weda Medura
- Price: Rs.600.00 Rs.750.00
- Author: Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- Book Code: 6970845
- ISBN: 9789556970845
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
භාරතීය වේද වේදාන්තයන් අතුරින් ආයුර්වේදය ඉතා ඉහළ ස්ථානයක ලා සැලැකෙයි. එයිනුත් කල්කටා වෛද්‍ය කර්මයට ලැබෙන්නේ සම්භාවනීය මුල් පුටුවයි. පරම්පරා තුනක සිට අවිච්ඡින්නව කල්කටා වෛද්‍ය ශාස්ත්‍රයෙහි පොල්මඃකාර උරුමය හිමිකැරගත් ජීවන් මෂේ නම් වෙදැදුරා, ඊට බටහිර වෙදකමෙහි ද දක්නට ලැබෙන නවීන සොයාගැනීම් ද අනුදැන වදාරමින් ගිලානෝපස්ථානයෙහි ධනවන්තරී ඉසිවරයාණන්ගේ අනුප්‍රාප්තික මෙහෙවරෙහි යුහුසුළු වන්නේය. ඔහුගේ සුවිශේෂිතාව නම් නාඩි කියැවීමේ කලාවයි. ඔහුට ඒ අනුව රෝග නිර්ණය කළ හැකි විය. එහි කාල වකවානු ගැන අනාවැකි කිව හැකි විය. මරණය අත ළඟ නම් එය සිදුවෙන දිනය පැවැසිය හැකි විය.
එහෙත් තම භූමිකාවට සරිලන පතිනියක ලබන්නට අවාසනාවන්ත වන හෙතෙම, ඉලන්දාරී විෂමාචාරයන්ට ලොල්ව එහි ආනිශංස ලෙස ‘කුණු ලෙඩ’ උත්සන්න වීමෙන් මරණය කරා ඇදී යන එකම පුත්‍රයා දෙස බලා සිටින්නේත් තම පරම්පරානුගත වෙදකමට නැවතීමේ තිත තැබෙන අයුරු බලා සිටින්නේත් පියතුමෙකුගේ භාවාතිෂය හැඟීමෙන් නොව, සංසාරේ අරුමැසි සෝබාව පිරිසිඳ දත් ‘වික්‍රමාරච්චි වෙද රාළහාමි කෙනෙකුගේ’ දෘෂ්ටි කෝණයෙනි.
උක් දඬු ගින්න - Uk Dandu Ginna
Rs.540.00
කටු යහන - Katu Yahana
Rs.405.00
නිදහසේ නගරය - Nidahase Nagaraya
Rs.360.00
වධක භූමි - Wadhaka Bhumi
Rs.360.00