• අදිසි නදිය - Adisi Nadiya

අදිසි නදිය - Adisi Nadiya

  • Price: Rs.880.00 Rs.1,100.00

2019 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත නවකතාව. 

කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත "පියැසි කවුළුව", "කන්දේ වීදිය" හා "සැප්තැම්බරයේ දිග දවසක්" නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු "අදිසි නදිය" තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මහාරූපිී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා අදිසි නදිය කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද "අදිසි නදිය" දෑලේ නිරූපණය වෙයි. 

Write a review

Please login or register to review