රිදී දිය රැළි බිඳී - Ridee Diya Rali Bindee
- Price: Rs.160.00 Rs.200.00
- Author: Thimbiriyagama Bandara - තිඹිරියාගම බණ්ඩාර
- Book Code: 0980291
- ISBN: 9789550980291
-
Publisher: Santhawa Prakashana
- Availability: Out Of Stock
සඳ එළිය බිඳි බිඳී වැව් තලේ රැළි නගයි
විශ්රාම ශාලාව මිනිස් සුවඳින් පිරෙයි
තැන තැන වැටී නිදන වන්දනා නඩයේ
නිදි නොමැති මහලු පියවරුන් සාමීචියේ
ටැප් වතුර වැඩක් නෑ වැවෙන් නාගමු අපි
අපොයි ඔව් මාත් මේ කියන්න ම හිටියේ
ලොවම නිදි රෑ යමේ සියලු රෙදි පිළි උනා
වැවට පැන ජබොස් ගා දිය කෙළිමු යොවුනන් ව
දෙහෙදු කර රිදී දිය බුං ගසා ජය ගොසින
ගොඩට විත් සඳ දියෙන් දිලෙන නිරුවත් සිරුරු
දැකගතිමු වසාගත් නෙක රහස් මකා දා
ගංදියේ මංකඩේ එදා ගැටවුන් ලෙසේ
හවස් කල හීං මෙදියෙන් ම නාවද්දි
ඇඳුම් බාගෙට උනා ඉළූ හැටි සුදු සබන්
බලා වටපිට අලුත් ඇඳුම් ඇන්දූ අයුරු
සිහිපත් ව සිනාවක් නැගී සෙලුවට එබෙමි
යශෝදරාවත - Yashodarawatha
Rs.135.00
කවි සාර දීපනී - Kavi Sara Deepani
Rs.405.00