• නිම්නාගේ ඉතිහාසය - Nimnage Ithihasaya

නිම්නාගේ ඉතිහාසය - Nimnage Ithihasaya

  • Price: Rs.1,080.00 Rs.1,200.00

නිම්නා උපදින්නේ 1989  නොවැම්බර් 09වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තනියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත; එසේ ම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත "නිම්නාගේ ඉතිහාසය" තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?


Kaushalya Kumarasinghe, Ahasa Media Works, Swarna Pusthaka

Write a review

Please login or register to review