දුර්යෝගය - Duryogaya
- Price: Rs.540.00 Rs.600.00
- Author: Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- Book Code: 9789553114839
- ISBN: 9789553114839
-
Publisher: Sarasavi Publishers
- Availability: Out Of Stock
සයනය කෙළවරේ වූ කුඩා ටීපෝව මත වීදුරු මල් බඳුනේ අතු රිකිලි කිහිපයක් හා බාබන්ඩේසියා මලක් විය. ජනේලයේ ලේස් තිරපට මඳ පවනේ පැද්දිණි. කුරුඳු මුසු මල් පරාග සුවඳකින් අනෝමාගේ පෙණහලු පිරී ගියේය.
ඈ දොර රෙද්ද අත හැර බිත්තියට පිටදී දෑස් පියා ගත්තාය. අනතුරුව සිහිනයෙන් අවිද යන්නියක සේ සාලය කෙළවර කුඩා කවුළුව අසලට ආ ඕ මහන මැෂිම දෙස මොහොතක් බලා සිටියාය. අඩක් මැසූ ඇඳුමක් මැෂිමේ ලෑලි තට්ටුව මත දිග හැරී ඇත. කුඩා සුදු මැෂින් තෙල් කෑනය අසල කතුරද මිනුම් පටියද වේ. අනෝමා පෑළ දොරින්ම පිටව ආපසු ආවාය.
මුලදි වේගයෙන් ගමන් කළද, තුරු ලතාවෙන් සෙවණ වූ දෙවටේදී ඇගේ ගමන බොහෝ බාල විණි. අතු පතර කොළ වියන මත රන්වන් හිරු එළිය ඉහිරී ගොසිනි. සුදු පැහැ පත්‍ර නාරටි සමමිතිකව බෙදී තුනී වී යයි. දෙපස ළං ළංව වැවුණු සිහින් ගස් කඳන් බදා වැලඳ එතුණු පඹ වැලින් ගහන එක් තැනක නැවතුණු ඕ ඇඟිලි තුඩින් ඒ පලා පැහැය ස්පර්ශ කළාය. කුඩා පැණි කුරුල්ලෙකු ඇගේ අතැඟිලි අග ගෑවී නොගෑවී ඉගිළිණි. උගේ කැදැල්ල තිබෙනු ඇත්තේ මේ අසලක විය යුතුය. එහි කුඩා නිල් පැහැ කුරුලු බිත්තර මත අත්තටු විදහාගෙන උණුසුම් කරමින් කිරිල්ල සිටිනු ඇත.
ගරුඩ මුහුර්තය - Garuda Muhurthaya
Rs.1,350.00
රුදු රොන් සුනු - Rudu Ron Sunu
Rs.540.00
දිගු තත්පර - Digu Thathpara
Rs.292.50
සන්ධ්‍යානන්දය - Sandhyannadaya
Rs.1,125.00
උත්පත්ති - Uthpaththi
Rs.1,350.00