ඉත්තිපුරයේ රාවණා - Itthipuraye Rawana
- Price: Rs.540.00 Rs.600.00
- Author: Jayarathna Ihala Kodippily - ජයරත්න ඉහළ කොඩිප්පිලි
- Book Code: 3471024
- ISBN: 9789553471024
-
Publisher: Sandriesoft Publishers
- Availability: In Stock
සක්විති රාවණයන් දසිස් යනුවෙන් හැඳින්වූයේ හිස් දහසක් තිබූ නිසා නොව කිරුළු දහයකට හිමිකම් කියූ බැවිනි. ඔහුගේ යටත් විජිත ලොව පුරා විසිරී තිබුණි. බටහිර ආසියාවේ පැවති එක් රාජධානියක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙය මනඃකල්පිත කතා පුවතකි. එහෙත් ඔබ එය අසත්‍යයකැයි පිළිගැනීමට මැළිවනු නොඅනුමානය.
හෙළයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී පවතී. අතීත හෙළයන්ගේ බල පරාක්‍රමයන් ලොව පුරා ව්‍යාප්තව තිබූ බවට සාක්ෂි විටින් විට කරළියට පැමිණියත් ඒවා අතර පවතින කඩඉම් පිරවීමට අවශ්‍ය සාධක දුලබ වීම නිසා ඒවා තහවුරු කිරීම අපහසු වී තිබේ.
එහෙත් විද්‍යාත්මක ගවේෂණයන් තුළින් අනාගතයේ යම් දිනෙක සත්‍යය හෙළිකර ගත හැකි වනු ඇත. රාමායනය හුදෙක් වීරකාව්‍යයක් පමණක්ම නොවන බව අනාවරණය වනු ඇත.