• සන්ධාරණ - Sandharana

සන්ධාරණ - Sandharana

  • Price: Rs.405.00 Rs.450.00

තමන්ටත් තමන්ගේ  දියණියටත් අවැඩක්  නොවන සේ තීරණයක් ගන්නට ධෛර්යය  ශක්තිය දෙන්නැයි ඉල්ලා සිටියා ය. දියණියත් පියාත් වැව් රවුමේ බොහෝ දුර ඇවිද්දාහ. චිත්‍රපාලි බංකුවකට වී සිතිවිල්ලේ සිටියාය. ඇයද සිතින් තමන් උපන් ගම් ප්‍රදේශයට ගියාය. 

ඇය ඉතා කුඩා කාලයේදී තමා උපන් ගමේ දී රාවණා දෙවියන් උදෙසා කළ විශාල පූජාව සිහියට නැගුණි. ගමේ පාසල් පිට්ටනියට රැස් වුණු පිරිස ගස්ලබු ගෙන දෙකට පලා ඒවාට තෙල් දමා තිර දමා පත්තුකර පිට්ටනිය වටේට තැබූහ. ඒ පූජාව කරන්නට දායක වූ තැනැත්තා සහ එහි සිටි මහ පිරිස් රාවණා ගුණ කියමින් යාතිකා කරන්නට වූහ. හදිසියේම ඔහු අහසට දෑත් ඔසවා, 

"රාවණා අප්පච්චි ඔබ වහන්සේ මේ අවටම ඉන්නා බව සත්‍යයයි. අපේ අප්පච්චි සළකුණක් කරන්ට හොඳයි, නරයන් වන අපට සතුටු වන්නට." 

එසේ කියනවාත් සමගම වටේට වූ ගස්ලබු පහන් නිවීගොස් තත්පර තිහක් යන්නට මත්තෙන් නැවත දැල්වෙන්නට විය. පිරිස් මහ හඬින් සාදුකාර දෙන්නට වූහ. එය සිහිවද්දීත් ඇයගේ ඇඟ කිලිපොළා යන්නාක් මෙනි. 

Write a review

Please login or register to review