මෙසපොතේමියාවේ ඝාතනය - Mesopotamiawe Ghathanaya
- Price: Rs.585.00 Rs.650.00
- Author: Berty De Costa - බර්ටි ද කොස්තා
- Book Code: 9789556710199
- ISBN: 9789556710199
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
Agatha Christie විසින් රචිත Murder in Mesopotamia කෘතියේ සිංහල පරිවර්තනය.
අගතා ක්රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කඨා රැජින ලෙසය; ඉංග්රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
මෙසපොතේමියාවේ ඝාතනය සිදුවන්නේ ඉරාකයේ පුරාවස්තු කැණීමකදීය. ආචාර්ය ලෙයිඩ්නර් එහි කටයුතු කරයි. ඔහුගේ බිරිඳ කළින් විවාහ වී සිටියේ ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ තරුණයකු සමඟය. එම තරුණයා පළමුවන ලෝක යුද්ධයේදී ජර්මනියේ ඔත්තුකරුවකු ලෙස සේවය කර තිබේ. ආචාර්ය ලෙයිඩ්නර් ගේ බිරිඳට වරින් වර තර්ජනාත්මක ලියුම් ලැබී ඇත. ලෙයිඩ්නර් මහත්මිය පසුව මරණයට පත්වේ. මරණයට ප්රධාන සැකකරු වන්නේ ආචාර්ය ලෙයිඩ්නර් වන නමුත් ප්රමාණවත් සාක්ෂි නොමැතිය.
අන්තිමේදී පොයිරෝ ලෙයිඩ්නර් මහත්මියට ලැබෙන අභිරහස් ලියුම්, ඇයගේ කලින් කසාදයේ මියගිය ස්වාමිපුරුෂයාගේ අභිරහස හා වැඩ බිමේ සිදුවූ තවත් මිනීමැරුම් වලට වගකිව යුත්තා කවුදැයි සොයාගන්නේ ඔහුගේ තීක්ෂණ බුද්ධිය නිසාය.