• ලජ්ජා - Lajja

ලජ්ජා - Lajja

  • Price: Rs.337.50 Rs.375.00

'ලජ්ජා' බංග්ලාදේශ  ලේඛිකා තස්ලිමා  නස්රීන්ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. 'ලජ්ජා' උතාහමා (කුණාටුව) 'අමාර් මේයේ ඛේලා' ඇතුළු නව ගද්‍ය හා පද්‍ය රචනා ගණනාවක් ලියා, ඉහත කී මුල් කෘතීන් දෙක ම තම රටේ තහනමට ලක් කරවා ගත් තස්ලිමා නස්රීන් වනිතා විමුක්තිය මුල් කරගත් මානව භක්තිය පිළිබඳ ඉමහත් උද්ඝෝෂණයක් නංවන වීර ගැහැණියකි. ආගම් භේදයකින් තොර ව ගැහැනිය, පිරිමින් අත මෙන් ම සමාජය තුළ ද මුහුණපාන අනේක විධ හිරිහැර තම හැම රචනාවකින් ම එළි දක්වන තස්ලිමා ඇගේ ප්‍රයාසය වරදවා වටහාගත් අන්තවාදීන් ගේ දෝෂ දර්ශනයට ලක් ව මව්බිමෙන් ද පිට ව සිටින්නී ය.

ලජ්ජා බංග්ලාදේශයේ හින්දුන් මුහුණපාන ගැටළු පිළිබඳ කතාවක් පමණක් නොව අර්ථ විරහිත දාමරිකකම්වලට ගොදුරුවන කාගේත් කතාවකි. 

Write a review

Please login or register to review